Searching...
Camera is a responsive/adaptive slideshow. Try to resize the browser window
It uses a light version of jQuery mobile, navigate the slides by swiping with your fingers
It's completely free (even if a donation is appreciated)
Camera slideshow provides many options to customize your project as more as possible
Wednesday, June 5, 2013
අපි වෙන් වෙන්න තිරණය කළා - Hashini Gonagala

අපි වෙන් වෙන්න තිරණය කළා - Hashini Gonagala

හෂිනි ගෝනගල කියන්නේ නැටුම් කලාව උපත්තියෙන් උරුමකර ගෙන පැමිණි සුන්දර යුවතියක්.

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල් හි තරඟකාරිණියක වශයෙන් කටයුතු කරන ඇය මේ වන තවත් සිනමා පටයකට ද තම රංඟන දායකත්වය සපයා දී තිබෙනවා.

විවිධ ක්ෂේත්‍රයන් හි දක්ෂතා දක්වන මේ පුංචි සුරතලිය මේ ක්ෂේත්‍රයට ආවේ තනියම නම් නෙවෙයි.ඇයට මේ ක්ෂේත්‍රයට එන්න අත හිත දුන්නේ තවත් සුපිරු තරුවක්.ඔහු තමයි ගායකයෙකු මෙන්ම රංඟන ශිල්පියෙකු වශයෙන් ද නමක් දිනා සිටින දුෂ්‍යන්ත් වීරමන්.
දුෂ්‍යන්ත්ගේ නර්තන තරඟයකදී තම සහකාරිය වශයෙන් තෝරාගත්තේ හෂිනි.ඉන්පසුව ඔහුගේ රූප රචනා වල,සංගීත ප්‍රසංග වල හෂිනි නිරන්තරයෙන් පෙනි සිටියා.මොවුන්ගේ ප්‍රේමාවින්ත රංඟනයන් නිසාවෙන් කලා ලෝකයේ තුළ මොවුන් දෙදෙනා පෙම්වතුන් යයි රාවයක්ද පැතිර ගියා.

නමුත් කාලේක දී කිරි පැණියි වගේ එකට හිටපු මේ දෙන්නා මෑතක පටන් එකට රංඟනයේ යෙදෙනවා දකින්නට ලැබුණේ නෑ.මේ ගැන හෂිනි ගෝනගල නම් මේ සුන්දර තරුණිය සති අන්ත පුවත්පතකට මෙසේ පවසා සිටියා.

“අපි නර්තනයේ යෙදුනේ එකට,අපි ළඟින් ඇසුරු කළා,උත්සව වලට සහභාගී වුනේ එකට.ඒ හින්දා හැමෝම හිතුවේ අපි පෙම්වතුන් කියලා.අපි අතර ප්‍රේම සම්බන්ධතාවයක් නැතිවම ඒ වගේ දෙයක් පැතිරෙන එක හොඳ නැ නේ.මේ වගේ කටකතා හින්දා අපි වෙන් වෙලා වැඩ කරන්න තිරණය කරා.

එයා එයාගේ ගමන යනවා.මම මගේ ගමන යනවා.මම දුෂ්‍යන්ත එක්ක විතරක් කලා කටයුතු වල යෙදෙනවා කියලා පැතිරිලා ගියොත් ඒක මගේ ගමනට බාධාවක්.ඒ හින්දා අපි කතා බහ කරලා තිරණයකට එළැඹුණා“
අශ්‍රාෆුල් සමාව අයැදියි

අශ්‍රාෆුල් සමාව අයැදියි

මේ දින වල පිළිකාවක් සේ ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා පැතිර යන තරග පාවා දීම පිළිබඳ තිත්ත ඇත්තක් අසල්වාසී බංගලාදේශයෙන් ද වාර්තා වේ.

පසුගියදා පැවති බංගලාදේශ ප්‍රමුඛ ලීග් තරගාවලිය අතරතුරේදී මුදලට තරග පාවාදුන් බවට එරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අශ්‍රාෆුල් පිළිගෙන තිබේ.

පසුගිය මාසයේදී අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිය වරද පිළිගෙන ඇති අශ්‍රාෆුල්, ඊයේ දිනයේදී (04) සිය නිවස ඉදිරිපිටදී මාධ්‍යෙව්දීන් අමතමින් මේ පිළිබඳව සමාව ඉල්ලා ඇත.

“මා අතින් වරදක් සිදුවුනා. ක්‍රීඩා දිවියේ පළමුවරට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය මගෙන් ප්‍රශ්ණ කළා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මා මගේ වරද පිළිගෙන ඔවුන්ට හැකිතාක් සහය දෙනවා. මා විසින් මටත් හා රටටත් එරෙහිව සිදුකළ වැරදි වලට සියල්ලන්ගෙන් ම සමාව ඉල්ලා සිටිනවා,” යැයි ඔහු පවසා තිබේ.

පෙබරවාරි 02දා ඩකා ග්ලැඩියේටර්ස් හා චිත්තගොන්ග් කිංග්ස් කණ්ඩායම් දෙක අතර තරගය පරාජය වීමට අශ්‍රාෆුල් හට ටකා මිලියනයක් (ඇමෙරිකානු ඩොලර් 12,800ක්) ලබාදී ඇති නමුත්, එම චෙක්පත අගරු වී ඇති බවත් බංගලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මීට අමතරව, තවත් දින 10කට පසුව බරීසල් බර්නර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ද ඔහු විසින් මුදලට පාවාදී ඇතැයි පැවසේ.

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ පර්යේෂණ අවසන් වන තෙක් අශ්‍රාෆුල් ට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම තහනම් කිරීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් තීරණය කර අවසන් ය.

බංගලාදේශයේ ජනප්‍රියතම හා අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 28 හැවිරිදි අශ්‍රාෆුල් ටෙස්ට් තරග 61කදී ලකුණු 2737ක් ද එක්දින ජාත්‍යන්තර තරග 177කදී ලකුණු 3468ක් ද ලබාගෙන තිබේ.
බොලිවුඩ් නිළිය ගෙළ වැළලාගෙන

බොලිවුඩ් නිළිය ගෙළ වැළලාගෙන

බොලිවුඩ් නිළියක් වන ජියා ඛාන් මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මිය යන විට 25 වියේ පසුවූ ජියා, ඊයේ රාත්‍රියේ (03) මුම්බායි හි පිහිටි සිය නිවසේදී ‍ගෙළ වැළලාගෙන ඇතැයි පොලිසිය සැකකරයි.

මෙම මරණයට හේතු සෙවීම සඳහා මේ වන විටත් පශ්චාත් මරණ පරීක්ෂණ ආරම්භ වී ඇති අතර, පොලිසිය විසින් අසල්වාසීන්ගෙන් ද ප්‍රශ්ණ කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝක් හි උපත ලැබූ ජියා ලන්ඩනයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව රංගන දිවිය ඇරඹීමට මුම්බායි වෙත ගොස් තිබේ.

වසර 2007 දී අමිතාබ් භච්චන් සමග නිෂබ්ද් චිත්‍රපටය ඔස්සේ බොලිවුඩ් රිදී තිරයට පිවිසි ඇය, පසුව ගජිනි හා හවුස්ෆුල් වැනි චිත්‍රපට වලටද රංගනයෙන් දායක වී තිබේ.
මගී ගුවන් යානයක් ඩ්‍රෝන යානයකින් අනූනවයෙන් බේරිලා – Video

මගී ගුවන් යානයක් ඩ්‍රෝන යානයකින් අනූනවයෙන් බේරිලා – Video

වසර 9කට පෙර එරියානා ඇෆ්ගන් ගුවන් සමාගමට අයත් එයාර් බස් මගී ගුවන් යානාවක් මගින් 100ක් සමගින් ඇෆ්ගනිස්ථානයට ඉහළ අහසේ පියාසරන මොහොතකදී ජර්මානු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමග ගැටී සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකී ගොස් ඇතැයි හෙළිදරව් වී තිබේ.

EMT ලූනා X-2000 වර්ගයේ පිරික්සුම් ඩ්‍රෝන යානාවක කැමරාවේ සටහන්ව තිබූ වීඩියෝවක් යූ ටියුබ් හරහා ජනප‍්‍රිය වීම සමග මේ සිදුවීම කරළියට පැමිණ ඇති අතර මගි ප‍්‍රවාහන ගුවන් යානයේ වම් තටුවට මීටර කිහිපයක් නුදුරින් ඇදී ගිය ඩ්‍රෝන යානය කැළඹුම් වාත ධාරාවන්ට හසුවී කාබුල් අගනුවරට ඇද වැටී තිබේ.  ජර්මානු ආරක්ෂක ඇමති තෝමස් ඩි මෙසියර් විසින් ජර්මනිය සතුවූ පැරණි ඩ්‍රෝන යානා ඉවතලමින් ක‍්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 652ක් වටිනා යුරෝහෝක් වැඩසටහන අවලංගු කිරීමෙන් සතියකට පසුව මෙය වාර්තා වී ඇත.

නේටෝ සංවිධානයේ ග්ලෝබල් හෝක් ව්‍යාපෘතිය යටතේ ක‍්‍රියාත්මක වූ යුරෝහෝක් වැඩසටහන මගින් ජර්මනිය ඇමරිකානු නෝත්‍රෝප් ගෲමන් සමාගම විසින් නිෂ්පාදිත RQ-4B ඩ්‍රෝන යානාවක් මිලදී ගනු ලැබූ අතර තවත් යානා 4ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබිණි.  නමුත් ගැටුම් වළකන තාක්ෂණික පද්ධතියක් සවිකිරීමෙන් තොරව යුරෝපා අහසේ මෙම ඩ්‍රෝන යානා සැරිසරන්නට අවසර නොමැති බව පැවසූ මෙසියර් එවැනි පද්ධතියකින් පවා ආරක්ෂාව සහතික කළ නොහැකි වීමත් එමගින් පිරිවැය අධික වීමත් නිසා මෙම තීරණය ගත් බව පවසන ලදී.
නමුත් ව්‍යාපෘතිය අසාර්ථක වන බව මාස 15කට පෙර දැනුම් දී තිබූ බව ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා හෙළිදරව් කිරීම සමගින් කඩිනම් පියවර නොගෙන ජනතා බදු මුදල් නාස්ති කර දැමූ බවට ඇමතිවරයාට එල්ල වී ඇති විවේචනයට කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු මේ සතියේදී ජර්මානු පාර්ලිමේන්තුව අමතනු ඇතැයි වාර්තා වේ.