කසළ නලයකින් බිළිදෙක් මතුවේ (Video)
චීනයේ වැසිකිළියක සිට අපද්‍රව්‍ය ඉවතට ගෙන එන කසළ නලයක් තුළ සිරවී සිටි දින කිහිපයක් වයසැති බිළිදෙකු ගලවා ගැනීමට එරට ගිනිනිවන භටයන් සමත්වූහ.ෂිජියෑන් පළාතේ, ජින්හුවා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් නලයක සිරවී සිටි අළුත උපන් බිළිඳා, ඉන් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන්ගේද සහය ලබා ගැනීමට සිදුවී ඇත.
එම නලයේ කොටස රෝහලට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඉතා සුපරික්ෂාකාරීව අදාළ බිළිඳා ඉන් මුදවාගනු ලැබ තිබේ.
චීන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට බිළිඳා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවය.
චීනයේ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්‍රකටය.
දරුවාගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා විමර්ශන අරඹා ඇති බව කියැවේ.
0 comments :
Post a Comment