අපේ යුධ රහස් චීනය සොරාගෙන – ඇමරිකාව
ඇමරිකානු ආරක්ෂක හමුදාවන් භාවිතා කළ ප‍්‍රධාන පෙළේ යුධ අවි පද්ධති 24කට අධික සංඛ්‍යාවක සැලසුම් චීන පරිඝනක කොල්ලකරුවන් විසින් සොරාගෙන ඇති බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.බ්ලැක් හෝක් හෙලිකොප්ටරය සහ නවතම වෙරළාසන්න ප‍්‍රහාරක නෞකාවේ සැලසුම් කෙටුම්පත් මේ අතර වන බව ආරක්ෂක විද්‍යා මණ්ඩලය නිකුත් කළ රහසිගත වාර්තාවක සඳහන් වන බව තහවුරු කරන වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසන්නේ පෙන්ටගනයේ අතිශය නවීන අවි තාක්ෂණික දැනුම මේ සමග චීනය සතු වන බවයි.
වසර 25ක පර්යේෂණ සහ තාක්ෂණික වර්ධනයන් සමග ඩොලර් බිලියන ගණනක් වටිනා යුධ වාසියක් ඔවුන් අත්පත් කරගෙන ඇති බව ඇමරිකානු ආරක්ෂක ප‍්‍රධානීන්ගේ අදහස වේ.
2012 වසරේදී සිදුවූ පරිඝනක ප‍්‍රහාරයන් ගණනාවකට චීන රජය සහ ආරක්ෂක අංශ සම්බන්ධ යයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිල ලෙස ප‍්‍රකාශ කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා වීම තවත් විශේෂයකි.
පරිඝනක සොරුන්ට ගොදුරු වී ඇත්තේ පෙන්ටගනයේ පරිඝනක පද්ධතිය නොවන බවත් බෝයිං, ලොක්හීඞ් මාටින්, රේතියොන් සහ නෝත්‍රොප් ගෘමන් වැනි දැවැන්ත යුධ අවි නිර්මාණ කොන්ත‍්‍රාත් සමාගම් විය හැකි බවත් තවත් මතයකින් පැවසේ.
සොරාගත් බවට චෝදනා ලද වැඩි දියුණු කරන ලද පේටි‍්‍රයට් මිසයිල පද්ධතිය, යුධ හමුදා මහාද්වීපික මිසයිල නාශක වැඩසටහන සහ ප‍්‍රහාරක යානා ගණනාවක සැලසුම් චීනය භාවිතා කළහොත් ලොව දියුණුතම ප‍්‍රහාරක අවි වලට පවා බිඳ හෙළිය නොහැකි ආරක්ෂක යාන්ත‍්‍රණයක් ඔවුන් සතු වනු ඇත. කෙසේ වෙතත් චීන රජය මේ සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.
0 comments :
Post a Comment