චීන යුවානය ලෝකයේ බලවත්ම මුදල් ඒකකය වන ලකුණු
HSBC බැංකු හී සභාපති ඩග්ලස් ෆින්ට් පසුගියදා ලන්ඩන් හී දී පවසා සිටියේ 2015 අග භාගය පමණ වන විට යුවානය ලෝකයේ වැඩිපුර භාවිතා කරන මුදල් ඒකකය වන බව ඔහු විශ්වාස කරන බවයි. චීනය සමග ව්‍යාපාර කරන ඕනෑම අයෙකු ගනුදෙනු කරනුයේ යුවානය භාවිතා කර හෙයින් එසේ සිදුකරන සියලූ දෙනාට මෙය දැකගත හැකි බව ඔහු පවසයි. චීනය සමග ඉදිරියේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන සියලූම ව්‍යාපාරිකයන් යුවනය භාවිතා කිරීම වාසිදායක බව ඔහුගේ අදහස විය.මේ සම්බන්ධයෙන් තව දුරටත් දැනුවත් පුද්ගලයෙකු පවසා සිටියේ RMB මුදල් ඒකකය භාවිතා කර HSBC බැංකුව විසින් ප‍්‍රථම වරට පිලිණපත් විකිණීමට බලාපොරොත්තු වන බවය. හොංකොං මෙම මුදල් ඒකකයේ රටින් පිට පිහිටි ප‍්‍රධානම මධ්‍යස්ථානාය බවට පත්වීමට උත්සහ කරයි.
HSBC බැංකුවේ ගණන් බැලීම් වලට අනුව මෙම වසරේ ණයට දෙන ලද මුලූ යුවන් ගණන බිලියන 360ක් පමණ වන බවත් මෙය ඇමරිකානු ඩොලර් බිලියන 59ක් ලෙස දැක්වේ. මේ වන විට චීනයේ ආයතන වලට ආයෝජනය සදහා අවස්ථාවන් ලබාදී ඇති අතර එම නිසාම මෙය 2015 පමණ වන විට ලෝකයේ බහුලවම හුවමාරුවන මුදල් ඒකක තුන අතරට පැමිනන බවට ඔවුන් සැක පල කර සිටී.
0 comments :
Post a Comment