බොලිවුඩ් නිළිය ගෙළ වැළලාගෙන
බොලිවුඩ් නිළියක් වන ජියා ඛාන් මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.මිය යන විට 25 වියේ පසුවූ ජියා, ඊයේ රාත්‍රියේ (03) මුම්බායි හි පිහිටි සිය නිවසේදී ගෙළ වැළලාගෙන ඇතැයි පොලිසිය සැකකරයි.
මෙම මරණයට හේතු සෙවීම සඳහා මේ වන විටත් පශ්චාත් මරණ පරීක්ෂණ ආරම්භ වී ඇති අතර, පොලිසිය විසින් අසල්වාසීන්ගෙන් ද ප්‍රශ්ණ කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නිව්යෝක් හි උපත ලැබූ ජියා ලන්ඩනයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව රංගන දිවිය ඇරඹීමට මුම්බායි වෙත ගොස් තිබේ.
වසර 2007 දී අමිතාබ් භච්චන් සමග නිෂබ්ද් චිත්‍රපටය ඔස්සේ බොලිවුඩ් රිදී තිරයට පිවිසි ඇය, පසුව ගජිනි හා හවුස්ෆුල් වැනි චිත්‍රපට වලටද රංගනයෙන් දායක වී තිබේ.
0 comments :
Post a Comment