Searching...
Sunday, May 26, 2013

තැලසීමියා අරමුදලෙන් වංචා කරලා

තැලසීමියා රෝගීන් දිවයිනේ වැඩිම පිරිසක් සිටින්නේ වයඹ පළාතේ බැවින් 2020 තැලසීමියාවෙන් තොර වයඹක් යන තේමාව යටතේ තැලසීමියාව තුරන් කිරීමේ ව්‍යාපෘතිය වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය අශෝක වාඩිගමංගාව මහතාගේ අදහසකට අනුව 2008 වසරේදී ආරම්භ කරන ලදි.

ඒ අනුව එම ව්‍යාපෘතිය වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ ක‍්‍රියාත්මක කරනු ලැබීය. මෙම අරමුණු සඳහා රාජ්‍ය සහ පෞද්ගලඉක අංශයෙන්ද පාසල් සිසුන්ගේ දායකත්වයෙන්ද විශාල වශයෙන් මුදල් සහ භාණ්ඩ පරිත්‍යාග වශයෙන් ලැබී ඇත.
ඉන්පසුව මෙම අරමුදලේ අරමුණු ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවී තැලසීමියා රෝගීන්ට කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි රැුසක් ලැබීම නිසා ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් පවත්වන ලෙස වයඹ සෞඛ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා නියම කළේය. මේ අනුව වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මගින් 2010 වසරේදී පවත්වන ලද විගණන පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණේ තැලසීමියා අරමුදලේ මුදල් විනිවිදභාවයෙන් තොරව වියදම් කොට ඇති බවය.

මෙම අරමුදලේ සිදුව ඇති බොහෝ ගනුදෙනු සැකයට තුඩුදෙන අවිධිමත් ගනුදෙනු බවත් මිලදී ගැනීම සහ ප‍්‍රදානය කිරීම් සඳහ ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර ඇති බවත් එම විගණන පරීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබිණි.

0 comments :

Post a Comment