ගාන්ධිගේ සෙරෙප්පු කූට්ටමකට සුපිරි මිලක්
ඉන්දියානු ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ මහත්මා ගාන්ධි තුමන් ගුජරාටි භාෂාවෙන් ලියන ලද පිටු දෙකකින් යුක්ත අන්තිම කැමැත්ත සහ ඔහු විසින් පරිහරණය කරන ලද සෙරෙප්පු කූට්ටමක් ඇතුළු සමරු භාණ්ඩ වෙන්දේසියක් එංගලන්තයේ ලුඩ්ලෝහිදී පැවැත්වුණු බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.මෙම අන්තිම කැමති පත්‍රය වෙන්දේසි කිරීමේ මූලික මිල පවුම් 30,000 ත් 40,000 ත් අතර වූ බවත් සෙරෙප්පු කූට්ටම පවුම් 19,000 කට අලෙවිකළ බවත් සඳහන්ය.
සෙරෙප්පු කූට්ටම අලෙවි කිරීමට මූලික මිල ලෙස දක්වා තිබුණේ පවුම් 10,000 ක් බව අදාළ මාධ්‍ය වාර්තාව කියයි.
මෙම වෙන්දේසියට ගාන්ධි තුමන්ගේ ෂෝල් ඇතුළු තවත් භාණ්ඩ රැසක් එක්කර තිබුණු බවද වැඩිදුරටත් වාර්තා වේ.
0 comments :
Post a Comment