මුම්බායි ඉන්ඩියන්ස් පිලට අයි.පී.එල්. ජය
ඊයේ (26) දින චෙන්නායි සුපර් කිංග්ස් ට එරෙහිව ඊඩ්න් ගාඩ්න්ස් හි පැවති ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය ලකුණු 23කින් ජයගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් පිල සමත් විය.මේ, මුම්බායි ඉන්ඩියන්ස් පිල විසින් අයි.පී.එල්. තරගාවලියක් ජයගත් පළමු අවස්ථාවයි.
කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබාගැනීමට සමත්විය.
මෙහිදී කීරන් පොලාඩ් විසින් පන්දු 32කින් ලකුණු 60ක් ලබාගත් අතර, අම්බාටි රායුදු හා දිනේෂ් කාර්ත්ක් පිළිවෙලින් ලකුණු 37ක් හා 21ක් ලබාගත්හ.
චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 44කට කඩුලු 4ක් දවාගත්තේය.
කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 125ක් පමණි.
ලසිත් මාලිංග, මිචෙල් ජොන්සන් හා හර්බජාන් සිං කඩුලු දෙක බැගින්ද, ප්‍රාග්‍යන් ඕජා, රිෂී ධාවන් හා කීරන් පොලාඩ් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස කීරන් පොලාඩ් ද තරගාවලියේ වීරයා ලෙස ෂේන් වොට්සන්ද නම් විය.
[B]ලකුණු[/B]
[B]මුම්බායි ඉන්ඩියන්ස් 148 /9 (පන්දුවාර 20)[/B]
කීරන් පොලාඩ් 60, අම්බාටි රායුදු 37, දිනේෂ් කාර්තික් 21
(ඩ්වේන් බ්‍රාවෝ 4/44, ඇල්බී මෝකල් 2/12, මෝහිත් ෂර්මා 1/26, ක්‍රිස් මොරිස් 1/25)
[B]චෙන්නායි සුපර් කිංග්ස් 125/9 (පන්දුවාර 20)[/B]
මහේන්ද්‍ර සිං දෝනි 63, මුරලි විජේ 18, ඩ්වේන් බ්‍රාවෝ 15
(ලසිත් මාලිංග 2/22, මිචෙල් ජොන්සන් 2/19, හර්බජාන් සිං 2/14, ප්‍රාග්‍යන් ඕජා 1/28 , රිෂී ධාවන් 1/6, කීරන් පොලාඩ් 1/34)
0 comments :
Post a Comment