කරුණානිධිගෙන් හොඳ යොජනාවක්…. අපිත් උදවු කරමු
ඞී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි එරට මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඉන්දියාවේ වෙසෙන ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදෙන්න ලෙසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා මෙම ඉල්ලීම සිදු කළ බව කරුණානිධි පවසා ඇති බවයි..
තමිල්නාඩුව පුරා කඳවුරු 112 ක ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් රඳවා සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
‘ඇමෙරිකා එක්සත් ජනපදය එරට සිටි ලක්ෂ දෙකහමාරක් පමණ වූ ඉන්දීය සරණාගතයින්ට අදාළ වාර්තා නොමැතිවම එරට පුරවැසිභාවය ලබාදුන්නා. ඒ ආකාරයෙන්ම මෙරට සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට මෙරට පුරවැසිභාවය ලබාදී ඔවුන්ට ස්ථීර ආරක්ෂාවක් සැලැස්විය යුතුයි. අපි මධ්‍යම රජයෙන් ඉල්ලන්නේ එයයි. එම ජනතාවගේ අනාගත සුරක්ෂිතතාවය සලසන්න කියලයි’ කරුණානිධි වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පවසා ඇත.
0 comments :
Post a Comment