Searching...
Sunday, May 26, 2013

අපවත් හිමිනමගේ දේහය මල් ශාලාවේ පිටුපස දොරකින් රැගෙන ගිහින්














සත්ව හිංසනයෙන් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනතාවගෙන් සහය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. 

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබාගෙන අපවත්වීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් අද (26) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 

සුරක්ෂිත සැබෑ සාමයක් උදාකිරීම සඳහා සත්ව හිංසනයෙන් තොර රටක් නිර්මාණය කිරීමට ජනතාවගේ සහය අවශ්‍ය බව අමාත්‍යවරයා එහිදී කීවේය. 

ගව ඝාතනය, අන්‍යාගමිකකරණය ඇතුළු ඉල්ලීම් 5ක් ලියා උන්වහන්සේ එසේ සියදිවි හානි කර ගැනීමට තීරණය කර තිබුණු බව ඔහු පෙන්වාදුන්නේය. 

කෙසේ වෙතත් මෙම සිද්ධිය බටහිර ජනමාධ්‍ය අනවශ්‍ය පරිදි උලුප්පමින් වාර්තාකර ඇති බවද හෙතෙම කීවේය. 

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කළ මන්ත්‍රී අසුනින් උන්වහන්සේ ඉවත් කළේ මාස 6ක් රැස්වීම්වලට සහභාගි වී නොසිටීම නිසා බව මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමතිවරයා පැවසීය. 

උන්වහන්සේට අවශ්‍ය වූයේ දේශපාලනයෙන් තොරව ගව ඝාතනයට එරෙහිව පාරට බැස පුළුල් වැඩපිළිවෙළක් කිරීමට බව ඔහු පෙන්වාදුන්නේය. 

කෙසේ හෝ මෙම ප්‍රශ්නය දෙස දේශපාලන තීන්ත ගෑමෙන් තොරව බලන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. 

ඇතැමුන් උන්වහන්සේට මානසික ලෙඩක් ඇති බවට ‍අසත්‍ය ප්‍රචාර ගෙනයන බවද ඔහු පෙන්වාදුන්නේය. 

මාධ්‍ය හමුව ඇමතු ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ අද පෙරවරුවේ උන්වහන්සේගේ දේහය මල් ශාලාවෙන් පිටතට ගැනීමේදී පොලීසිය ක්‍රියා කළ ආකාරයට අනුව දේශපාලන බලපෑමක් එහි තිබුණු බවයි. 

දේහය මල් ශාලාවේ පිටුපස දොරකින් වාහනයකට දමාගෙන ‍ගොස් ඇති බවද ඔහු පෙන්වාදුන්නේය. 

මෙම සිද්ධිය ගැන ඇතැම් ස්වාමින් වහන්සේ බියට පත්වූ බවද ඔහු කීවේය. 

ගවයින් ලොරිවලට පටවාගෙන හොරෙන් ගෙන යන පුද්ගලයින් ඇල්ලීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනම අලුයම 2.00 – 5.00 ත් අතර කාලයේදී තරුණයින් සමග එක්ව එම ක්‍රියා කළ බවද වර්ණසිංහ මහතා පැවසීය.

0 comments :

Post a Comment