Searching...
Camera is a responsive/adaptive slideshow. Try to resize the browser window
It uses a light version of jQuery mobile, navigate the slides by swiping with your fingers
It's completely free (even if a donation is appreciated)
Camera slideshow provides many options to customize your project as more as possible
Wednesday, June 5, 2013
අපි වෙන් වෙන්න තිරණය කළා - Hashini Gonagala

අපි වෙන් වෙන්න තිරණය කළා - Hashini Gonagala

හෂිනි ගෝනගල කියන්නේ නැටුම් කලාව උපත්තියෙන් උරුමකර ගෙන පැමිණි සුන්දර යුවතියක්.

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල් හි තරඟකාරිණියක වශයෙන් කටයුතු කරන ඇය මේ වන තවත් සිනමා පටයකට ද තම රංඟන දායකත්වය සපයා දී තිබෙනවා.

විවිධ ක්ෂේත්‍රයන් හි දක්ෂතා දක්වන මේ පුංචි සුරතලිය මේ ක්ෂේත්‍රයට ආවේ තනියම නම් නෙවෙයි.ඇයට මේ ක්ෂේත්‍රයට එන්න අත හිත දුන්නේ තවත් සුපිරු තරුවක්.ඔහු තමයි ගායකයෙකු මෙන්ම රංඟන ශිල්පියෙකු වශයෙන් ද නමක් දිනා සිටින දුෂ්‍යන්ත් වීරමන්.
දුෂ්‍යන්ත්ගේ නර්තන තරඟයකදී තම සහකාරිය වශයෙන් තෝරාගත්තේ හෂිනි.ඉන්පසුව ඔහුගේ රූප රචනා වල,සංගීත ප්‍රසංග වල හෂිනි නිරන්තරයෙන් පෙනි සිටියා.මොවුන්ගේ ප්‍රේමාවින්ත රංඟනයන් නිසාවෙන් කලා ලෝකයේ තුළ මොවුන් දෙදෙනා පෙම්වතුන් යයි රාවයක්ද පැතිර ගියා.

නමුත් කාලේක දී කිරි පැණියි වගේ එකට හිටපු මේ දෙන්නා මෑතක පටන් එකට රංඟනයේ යෙදෙනවා දකින්නට ලැබුණේ නෑ.මේ ගැන හෂිනි ගෝනගල නම් මේ සුන්දර තරුණිය සති අන්ත පුවත්පතකට මෙසේ පවසා සිටියා.

“අපි නර්තනයේ යෙදුනේ එකට,අපි ළඟින් ඇසුරු කළා,උත්සව වලට සහභාගී වුනේ එකට.ඒ හින්දා හැමෝම හිතුවේ අපි පෙම්වතුන් කියලා.අපි අතර ප්‍රේම සම්බන්ධතාවයක් නැතිවම ඒ වගේ දෙයක් පැතිරෙන එක හොඳ නැ නේ.මේ වගේ කටකතා හින්දා අපි වෙන් වෙලා වැඩ කරන්න තිරණය කරා.

එයා එයාගේ ගමන යනවා.මම මගේ ගමන යනවා.මම දුෂ්‍යන්ත එක්ක විතරක් කලා කටයුතු වල යෙදෙනවා කියලා පැතිරිලා ගියොත් ඒක මගේ ගමනට බාධාවක්.ඒ හින්දා අපි කතා බහ කරලා තිරණයකට එළැඹුණා“
අශ්‍රාෆුල් සමාව අයැදියි

අශ්‍රාෆුල් සමාව අයැදියි

මේ දින වල පිළිකාවක් සේ ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා පැතිර යන තරග පාවා දීම පිළිබඳ තිත්ත ඇත්තක් අසල්වාසී බංගලාදේශයෙන් ද වාර්තා වේ.

පසුගියදා පැවති බංගලාදේශ ප්‍රමුඛ ලීග් තරගාවලිය අතරතුරේදී මුදලට තරග පාවාදුන් බවට එරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අශ්‍රාෆුල් පිළිගෙන තිබේ.

පසුගිය මාසයේදී අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිය වරද පිළිගෙන ඇති අශ්‍රාෆුල්, ඊයේ දිනයේදී (04) සිය නිවස ඉදිරිපිටදී මාධ්‍යෙව්දීන් අමතමින් මේ පිළිබඳව සමාව ඉල්ලා ඇත.

“මා අතින් වරදක් සිදුවුනා. ක්‍රීඩා දිවියේ පළමුවරට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය මගෙන් ප්‍රශ්ණ කළා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මා මගේ වරද පිළිගෙන ඔවුන්ට හැකිතාක් සහය දෙනවා. මා විසින් මටත් හා රටටත් එරෙහිව සිදුකළ වැරදි වලට සියල්ලන්ගෙන් ම සමාව ඉල්ලා සිටිනවා,” යැයි ඔහු පවසා තිබේ.

පෙබරවාරි 02දා ඩකා ග්ලැඩියේටර්ස් හා චිත්තගොන්ග් කිංග්ස් කණ්ඩායම් දෙක අතර තරගය පරාජය වීමට අශ්‍රාෆුල් හට ටකා මිලියනයක් (ඇමෙරිකානු ඩොලර් 12,800ක්) ලබාදී ඇති නමුත්, එම චෙක්පත අගරු වී ඇති බවත් බංගලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මීට අමතරව, තවත් දින 10කට පසුව බරීසල් බර්නර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ද ඔහු විසින් මුදලට පාවාදී ඇතැයි පැවසේ.

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ පර්යේෂණ අවසන් වන තෙක් අශ්‍රාෆුල් ට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම තහනම් කිරීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් තීරණය කර අවසන් ය.

බංගලාදේශයේ ජනප්‍රියතම හා අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 28 හැවිරිදි අශ්‍රාෆුල් ටෙස්ට් තරග 61කදී ලකුණු 2737ක් ද එක්දින ජාත්‍යන්තර තරග 177කදී ලකුණු 3468ක් ද ලබාගෙන තිබේ.
බොලිවුඩ් නිළිය ගෙළ වැළලාගෙන

බොලිවුඩ් නිළිය ගෙළ වැළලාගෙන

බොලිවුඩ් නිළියක් වන ජියා ඛාන් මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මිය යන විට 25 වියේ පසුවූ ජියා, ඊයේ රාත්‍රියේ (03) මුම්බායි හි පිහිටි සිය නිවසේදී ‍ගෙළ වැළලාගෙන ඇතැයි පොලිසිය සැකකරයි.

මෙම මරණයට හේතු සෙවීම සඳහා මේ වන විටත් පශ්චාත් මරණ පරීක්ෂණ ආරම්භ වී ඇති අතර, පොලිසිය විසින් අසල්වාසීන්ගෙන් ද ප්‍රශ්ණ කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝක් හි උපත ලැබූ ජියා ලන්ඩනයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව රංගන දිවිය ඇරඹීමට මුම්බායි වෙත ගොස් තිබේ.

වසර 2007 දී අමිතාබ් භච්චන් සමග නිෂබ්ද් චිත්‍රපටය ඔස්සේ බොලිවුඩ් රිදී තිරයට පිවිසි ඇය, පසුව ගජිනි හා හවුස්ෆුල් වැනි චිත්‍රපට වලටද රංගනයෙන් දායක වී තිබේ.
මගී ගුවන් යානයක් ඩ්‍රෝන යානයකින් අනූනවයෙන් බේරිලා – Video

මගී ගුවන් යානයක් ඩ්‍රෝන යානයකින් අනූනවයෙන් බේරිලා – Video

වසර 9කට පෙර එරියානා ඇෆ්ගන් ගුවන් සමාගමට අයත් එයාර් බස් මගී ගුවන් යානාවක් මගින් 100ක් සමගින් ඇෆ්ගනිස්ථානයට ඉහළ අහසේ පියාසරන මොහොතකදී ජර්මානු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමග ගැටී සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකී ගොස් ඇතැයි හෙළිදරව් වී තිබේ.

EMT ලූනා X-2000 වර්ගයේ පිරික්සුම් ඩ්‍රෝන යානාවක කැමරාවේ සටහන්ව තිබූ වීඩියෝවක් යූ ටියුබ් හරහා ජනප‍්‍රිය වීම සමග මේ සිදුවීම කරළියට පැමිණ ඇති අතර මගි ප‍්‍රවාහන ගුවන් යානයේ වම් තටුවට මීටර කිහිපයක් නුදුරින් ඇදී ගිය ඩ්‍රෝන යානය කැළඹුම් වාත ධාරාවන්ට හසුවී කාබුල් අගනුවරට ඇද වැටී තිබේ.  ජර්මානු ආරක්ෂක ඇමති තෝමස් ඩි මෙසියර් විසින් ජර්මනිය සතුවූ පැරණි ඩ්‍රෝන යානා ඉවතලමින් ක‍්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 652ක් වටිනා යුරෝහෝක් වැඩසටහන අවලංගු කිරීමෙන් සතියකට පසුව මෙය වාර්තා වී ඇත.

නේටෝ සංවිධානයේ ග්ලෝබල් හෝක් ව්‍යාපෘතිය යටතේ ක‍්‍රියාත්මක වූ යුරෝහෝක් වැඩසටහන මගින් ජර්මනිය ඇමරිකානු නෝත්‍රෝප් ගෲමන් සමාගම විසින් නිෂ්පාදිත RQ-4B ඩ්‍රෝන යානාවක් මිලදී ගනු ලැබූ අතර තවත් යානා 4ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබිණි.  නමුත් ගැටුම් වළකන තාක්ෂණික පද්ධතියක් සවිකිරීමෙන් තොරව යුරෝපා අහසේ මෙම ඩ්‍රෝන යානා සැරිසරන්නට අවසර නොමැති බව පැවසූ මෙසියර් එවැනි පද්ධතියකින් පවා ආරක්ෂාව සහතික කළ නොහැකි වීමත් එමගින් පිරිවැය අධික වීමත් නිසා මෙම තීරණය ගත් බව පවසන ලදී.
නමුත් ව්‍යාපෘතිය අසාර්ථක වන බව මාස 15කට පෙර දැනුම් දී තිබූ බව ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා හෙළිදරව් කිරීම සමගින් කඩිනම් පියවර නොගෙන ජනතා බදු මුදල් නාස්ති කර දැමූ බවට ඇමතිවරයාට එල්ල වී ඇති විවේචනයට කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු මේ සතියේදී ජර්මානු පාර්ලිමේන්තුව අමතනු ඇතැයි වාර්තා වේ.





Wednesday, May 29, 2013
ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වෙයි

ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වෙයි

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එහි නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

අද පෙරවරුවේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී කරන ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇති අතර හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතාට ශාල්‍යකර්මයක්ද එහිදී සිදු කර තිබිනි.

ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ පසුවිය.

අද දිනය ඇතුලත ඒ මහතාගේ දේහය මෙරටට ගෙන ඒමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පැවැත් වේ.
අපේ යුධ රහස් චීනය සොරාගෙන – ඇමරිකාව

අපේ යුධ රහස් චීනය සොරාගෙන – ඇමරිකාව

ඇමරිකානු ආරක්ෂක හමුදාවන් භාවිතා කළ ප‍්‍රධාන පෙළේ යුධ අවි පද්ධති 24කට අධික සංඛ්‍යාවක සැලසුම් චීන පරිඝනක කොල්ලකරුවන් විසින් සොරාගෙන ඇති බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
බ්ලැක් හෝක් හෙලිකොප්ටරය සහ නවතම වෙරළාසන්න ප‍්‍රහාරක නෞකාවේ සැලසුම් කෙටුම්පත් මේ අතර වන බව ආරක්ෂක විද්‍යා මණ්ඩලය නිකුත් කළ රහසිගත වාර්තාවක සඳහන් වන බව තහවුරු කරන වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසන්නේ පෙන්ටගනයේ අතිශය නවීන අවි තාක්ෂණික දැනුම මේ සමග චීනය සතු වන බවයි.
වසර 25ක පර්යේෂණ සහ තාක්ෂණික වර්ධනයන් සමග ඩොලර් බිලියන ගණනක් වටිනා යුධ වාසියක් ඔවුන් අත්පත් කරගෙන ඇති බව ඇමරිකානු ආරක්ෂක ප‍්‍රධානීන්ගේ අදහස වේ.
2012 වසරේදී සිදුවූ පරිඝනක ප‍්‍රහාරයන් ගණනාවකට චීන රජය සහ ආරක්ෂක අංශ සම්බන්ධ යයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිල ලෙස ප‍්‍රකාශ කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා වීම තවත් විශේෂයකි.
පරිඝනක සොරුන්ට ගොදුරු වී ඇත්තේ පෙන්ටගනයේ පරිඝනක පද්ධතිය නොවන බවත් බෝයිං, ලොක්හීඞ් මාටින්, රේතියොන් සහ නෝත්‍රොප් ගෘමන් වැනි දැවැන්ත යුධ අවි නිර්මාණ කොන්ත‍්‍රාත් සමාගම් විය හැකි බවත් තවත් මතයකින් පැවසේ.
සොරාගත් බවට චෝදනා ලද වැඩි දියුණු කරන ලද පේටි‍්‍රයට් මිසයිල පද්ධතිය, යුධ හමුදා මහාද්වීපික මිසයිල නාශක වැඩසටහන සහ ප‍්‍රහාරක යානා ගණනාවක සැලසුම් චීනය භාවිතා කළහොත් ලොව දියුණුතම ප‍්‍රහාරක අවි වලට පවා බිඳ හෙළිය නොහැකි ආරක්ෂක යාන්ත‍්‍රණයක් ඔවුන් සතු වනු ඇත.  කෙසේ වෙතත් චීන රජය මේ සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.
චීන යුවානය ලෝකයේ බලවත්ම මුදල් ඒකකය වන ලකුණු

චීන යුවානය ලෝකයේ බලවත්ම මුදල් ඒකකය වන ලකුණු

HSBC බැංකු හී සභාපති ඩග්ලස් ෆින්ට් පසුගියදා ලන්ඩන් හී දී පවසා සිටියේ 2015 අග භාගය පමණ වන විට යුවානය ලෝකයේ වැඩිපුර භාවිතා කරන මුදල් ඒකකය වන බව ඔහු විශ්වාස කරන බවයි. චීනය සමග ව්‍යාපාර කරන  ඕනෑම අයෙකු ගනුදෙනු කරනුයේ යුවානය භාවිතා කර හෙයින් එසේ සිදුකරන සියලූ දෙනාට මෙය දැකගත හැකි බව ඔහු පවසයි. චීනය සමග ඉදිරියේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන සියලූම ව්‍යාපාරිකයන් යුවනය භාවිතා කිරීම වාසිදායක බව ඔහුගේ අදහස විය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් දැනුවත් පුද්ගලයෙකු පවසා සිටියේ RMB මුදල් ඒකකය භාවිතා කර HSBC බැංකුව විසින් ප‍්‍රථම වරට පිලිණපත් විකිණීමට බලාපොරොත්තු වන බවය. හොංකොං මෙම මුදල් ඒකකයේ රටින් පිට පිහිටි ප‍්‍රධානම මධ්‍යස්ථානාය බවට පත්වීමට උත්සහ කරයි.
HSBC බැංකුවේ ගණන් බැලීම් වලට අනුව මෙම වසරේ ණයට දෙන ලද මුලූ යුවන් ගණන බිලියන 360ක් පමණ වන බවත් මෙය ඇමරිකානු ඩොලර් බිලියන 59ක් ලෙස දැක්වේ. මේ වන විට චීනයේ ආයතන වලට ආයෝජනය සදහා අවස්ථාවන් ලබාදී ඇති අතර එම නිසාම මෙය 2015 පමණ වන විට ලෝකයේ බහුලවම හුවමාරුවන මුදල් ඒකක තුන අතරට පැමිනන බවට ඔවුන් සැක පල කර සිටී.
Tuesday, May 28, 2013
කසළ නලයකින් බිළිදෙක් මතුවේ (Video)

කසළ නලයකින් බිළිදෙක් මතුවේ (Video)

චීනයේ වැසිකිළියක සිට අපද්‍රව්‍ය ඉවතට ගෙන එන කසළ නලයක් තුළ සිරවී සිටි දින කිහිපයක් වයසැති බිළිදෙකු ගලවා ගැනීමට එරට ගිනිනිවන භටයන් සමත්වූහ.

ෂිජියෑන් පළාතේ, ජින්හුවා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් නලයක සිරවී සිටි අළුත උපන් බිළිඳා‍,  ඉන් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන්ගේද සහය ලබා ගැනීමට සිදුවී ඇත.

එම නලයේ කොටස රෝහලට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඉතා සුපරික්ෂාකාරීව අදාළ බිළිඳා ඉන් මුදවාගනු ලැබ තිබේ.

චීන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට බිළිඳා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවය.

චීනයේ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්‍රකටය.

දරුවාගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා විමර්ශන අරඹා ඇති බව කියැවේ.





















සිරියානු යුද්ධය ජයග‍්‍රහණය කරවනවා – හිස්බුල්ලා

සිරියානු යුද්ධය ජයග‍්‍රහණය කරවනවා – හිස්බුල්ලා

හිස්බුල්ලා සංවිධානය ඊශ‍්‍රායලට සහ ඇමරිකාවට විරුද්ධව සිරියානු යුද්ධයත් සමග සිරියානු ජයග‍්‍රහණය වෙනුවෙන් දිගටම සම්බන්ධවී සිටින බවට  හිස්බුල්ලා සංවිධානයේ නායක සයිඞ් හසන් නස්රල්ලා පවසා සිටියේය.
ඊශ‍්‍රාලය ලෙබනනයෙන් පසුබැසීම වෙනුවෙන් පැවැත්වූ 13වන සංවත්සරයේදී ඔහු කියා සිටියේ ඔහු හැමතිස්සේම ජයග‍්‍රහණය බලාපොරොත්තු වුන බවත් සිරියාව සම්බන්ධයෙන් ඔහු මෙවරද පොරොන්දුවක් වන බවත්ය.
සිරියාව යනු හිස්බුල්ලා සංවිධානයේ කොදුනාරටිය ලෙස සැලකෙන අතර ඔවුන් ඉතාමත් වැදගත් සහායකයා ලෙසද නස්රල්ලා පවසා සිටී.
සිරියාව වැටුනොත් පලස්තීනය වෙනුවෙන්ද සිදුකරන සටන්ද නිශ්ඵල වන බවද පවසා සිටියේය. සම්පූර්ණයෙන්ම සිරියාව විනාශ කොට එහි රෙජිමය අස්ථාවර කිරීම සදහා සමහර අසල්වැසි රටවල්ද  ඕනෑම දෙයක් සිදුකිරීමට සූදානමෙන් පසුවේ.
නමුත් සිරියාව ඇමරිකාවට හෝ ඊශ‍්‍රායලයට අත්වීමට ඉඩ නොදි ආරක්ෂාකර ගැනීමට සහයෝගය දැක්වීම සදහා සිරියාව වටා මෙම කළාපයේම හොද මිතුරන්ද සිටින බව සදහන් වේ.
රට යන්න දුමින්දට අධිකරණයෙන් අවසර නොලැබේ..

රට යන්න දුමින්දට අධිකරණයෙන් අවසර නොලැබේ..

දේව හාස්කමකින් මෙන් සුව වුන දුමින්ද සිල්වා නොහොත් වර්තමානයේ කා අතරත් ගජිනි යන නමින් හදුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විසින්
සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලේ වෛද්‍ය සායනයනට පෙනී හිඳීම සඳහා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂෙප වී තිබේ.

ඒ මහතාගේ නීතීඥයන් මෝසමක් මගින් ඉල්ලා තිබුණේ සායනයකට සහභාගී වන ලෙස දුමින්ද සිල්වාට සැත්කම කළ වෛද්‍යවරයා දන්වා ඇති හෙයින් දෙසතියකට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසයි.
කෙසේ වෙතත් දුමින්ද සිල්වාට ඇප නියම කිරීම  සහ සායනයකට සහභාගී වීම සඳහා ඉල්ලීම කළත් ප්‍රමාණවත් වෛද්‍ය සාක්කි ඉදිරිපත් නොකිරීම යන කරුණු මත එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බව මහේස්ත‍්‍රාත්වරයා සඳහන් කලේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පසුගියදා අධිකරණය විසින් ඇප නියම කරන ලද්දේ විදෙස් ගත වීම වළක්වාලවින් සහ ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගනිමිනි.
ගාන්ධිගේ සෙරෙප්පු කූට්ටමකට සුපිරි මිලක්

ගාන්ධිගේ සෙරෙප්පු කූට්ටමකට සුපිරි මිලක්

ඉන්දියානු ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ මහත්මා ගාන්ධි තුමන් ගුජරාටි භාෂාවෙන් ලියන ලද පිටු දෙකකින් යුක්ත අන්තිම කැමැත්ත සහ ඔහු විසින් පරිහරණය කරන ලද සෙරෙප්පු කූට්ටමක් ඇතුළු සමරු භාණ්ඩ වෙන්දේසියක් එංගලන්තයේ ලුඩ්ලෝහිදී පැවැත්වුණු බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.
මෙම අන්තිම කැමති පත්‍රය වෙන්දේසි කිරීමේ මූලික මිල පවුම් 30,000 ත් 40,000 ත් අතර වූ බවත් සෙරෙප්පු කූට්ටම පවුම් 19,000 කට අලෙවිකළ බවත් සඳහන්ය.
සෙරෙප්පු කූට්ටම අලෙවි කිරීමට මූලික මිල ලෙස දක්වා තිබුණේ පවුම් 10,000 ක් බව අදාළ මාධ්‍ය වාර්තාව කියයි.
මෙම වෙන්දේසියට ගාන්ධි තුමන්ගේ ෂෝල් ඇතුළු තවත් භාණ්ඩ රැසක් එක්කර තිබුණු බවද වැඩිදුරටත් වාර්තා වේ.
කාලගුණේ ජාතියෙන් සමාව ඉල්ලයි

කාලගුණේ ජාතියෙන් සමාව ඉල්ලයි

දකුණු ආසියානු කලාපයේ නැගෙනහිර බෙංගාල බොක්‌කේ සිට පසුගියදා හමාගිය සුළි කුණාටුවට ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් රජ කෙනකු වූ මහසෙන් රජුගේ නාමය යෙදීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලයි.

අදාළ සුළි කුණාටුවට ‘මහසෙන්’ නාමය යෙදීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් මෙසේ සමාව ඉල්ලා ඇත.
පිල්ලේ එන බව තහවුරු කරයි

පිල්ලේ එන බව තහවුරු කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි රජය පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඇරයුමකට අනුව මහ කොමසාරිස්වරිය අගෝස්තු 25 සිට 31 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 23 වැනි සැසිවාරය නියෝජනය කරන ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩල ප‍්‍රධානි ජී. ආර්යසිංහ මහතා පවසා සිටියේ, මහ කොමසාරිස්වරිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නොනවත්වා ගෙනයන, විනිවිදභාවයෙන් යුතු හා පූර්ව ක‍්‍රියාකාරී කටයුත්තක් ලෙස ශ්‍රී ලංකාව මෙම සංචාරය සලකන බවයි.
මට ආදරේ ගොඩාක් ඕනෑ...!

මට ආදරේ ගොඩාක් ඕනෑ...!


සොයුරියගේ මඟ යමින් කලාවට පා තැබූ ඇය මිල්ලෑල වලව්ව ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය හැඩකරන්නට වූවා. සිය රංගන කෞෂල්‍ය තුළින් කලාවේ නම රැන්දිය හැකි තාරකාවක් වීමට සිහින දකින ඇය බුවිනි චාපා කුමාරි.

01) ඉතින් බුවිනි කොහොමද? මොනවද මේ දවස්වල කරන්නේ ?

අලුතෙන් චිත්‍රපටියක් රූගත කිරීම් අවසන් කළා මාර්තු 11 වෙනිදා. බණ්ඩාරවෙල තමයි ෂූටින් තිබුණේ. ඉතින් මේ දවස් ටිකේනම් චුට්ටක් නිදහසේ ඉන්නවා.

02) බුවිනි රංගනයට දායක වෙන්නේ ලැබුණු ආරාධනයකට අනුවයි. ඇත්තටම කොහොමද රංගනයට ඒ ආරාධනාව ලැබුණේ ?

මම අවුරුදු කුමාරි තරඟයකට සහභාගී වුණා නාලිකාවකින් සංවිධානය කරපු. ඒකෙදි දැකලා තමයි මට මුලින්ම ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණේ.

03) බුවිනි රංගනයට එක්වෙන්න කලින් ඉඳලම නිවේදිකාවක්. නිවේදන කටයුතු කරද්දිම බුවිනිට බලාපොරොත්තුවක් තිබ්බද රංගනයට ආ යුතුයි... අක්කාගේ අඩි පාරේ යමන් මමත් රටේ යම් තැනක් ගත යුතුයි කියලා බලාපොරොත්තුවක් ති‍බ්බද? නැත්නම් ඒ කිසිවක් නැතුව අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ද?

මුලින්ම මාව දැනගත්තේ නිවේදිකාවක් විදිහට. පුංචි කාලේ ඉඳලම ආසාවක් තිබුණා රංගනයට එන්න. අක්කටයි මටයි දෙන්නටම පොඩි කාලේ ඉඳන්ම ඒක තිබුණා. මුලින්ම නිවේදනයට ආවත් රංගනයට එනවා කියන අදහස තිබුණා. ඉතින් ඒකට අවස්ථාව හම්බවුණා.

04) ස්ථාවරත්වයක් එහෙම හදාගෙන දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවද? නැත්නම් වෙනත් වෘතියකට යන්න අදහසක් තියෙනවද?

දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය ලබන්නත් අදහසක් තියෙනවා. මම උසස් පෙළට පෙනී සිටියේ සන්නිවේදනය අංශයෙන්. ඉතින් ඒකත් නිවේදනය සම්බන්ධ දෙයක් නිසා නිවේදනයයි රංගනයයි මේ හැමදෙයක්ම එකට කරයි.


05) පවුලේ විස්තර මොනවද ?
පවුලේ ඉන්නේ ඉතින් අම්මයි තාත්තයි අක්කයි මමයි මල්ලියි. ඉතින් අපි පස් දෙනා එකටමයි ඉන්නේ. අක්කා බැඳලා ගියා කියලා කිසි වෙනසක් වෙලා නෑ. අපි පස් දෙනා ගොඩක් සතුටින් ආදරයෙන් තමයි ඉන්නේ. 



06) බුවිනිගේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද ?

ඇත්තටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද ගෙදරින් සහයෝගයක් නැත්නම් මේ දේවල් කරන්න බෑ. විශේෂයෙන්ම අම්මා මතක් කරන්න ඕන. හැමදේකටම අක්කයි මායි එක්ක හිටියේ අම්මා. ඉතින් අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම තමයි තාත්තා. ගෙදර පවුල් පසුබිමත් එක්ක සාර්ථකව කලා කටයුතු කරගෙන යනවා.

07) රංගනය තුළින් දීර්ඝ ගමනක් යන්න බල‍ාපොරොත්තුවක් තිබුණට මේ හැමදේටම අඩිතාලම වැටෙන්නේ පාසලින්. බුවිනි අධ්‍යාපනය ලබපු පාසල මතක් කළොත් ? කො‍හොමද ඒ අතීතය ?

මගේ පාසල් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය. පාසල් කාලේ හරිම සුන්දරයි. මං ගිය අවුරුද්දේ තමයි උසස්පෙළ කරේ. ඉතින් පාසල් කාලේ හරිම සුන්දරයි. ඒ යාළුවෝ, කරපු වැඩ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාසලේ ගුරුවරු, විදුහල්පතිතුමිය මේ හැමෝම ලොකු සහයෝගයක් දැක්වූවා පාසල් කාලේ ඉඳලම ‍මේ දේවල්වලට. ඒ කියන්නේ මොකක් හරි නාට්‍යයකට වගේ දේකට යන්න පාසලෙන් අවසර ඕනනේ. ඉතින් ඒ අවසර ලැබුණා. ගොඩාක් උදව් කළා. ජීවිතේ කොච්චර කල් ගියත් පාසල් කාලේනම් අමතක වෙන එකක් නෑ.

08) ඒ කියන්නේ පාසල් කාලේ ඉද්දිත් රංගනයට එන්න ලොකු බාධාවක් එහෙම මුකුත් තිබුණේ නෑ?

නෑ. ලොකු ගැටලුවක් තිබුණේ නෑ.

09) මීට පෙර ආලින්දයක දී බුවින්ගේ අක්කා වත්සලා රංගනයේ නොයෙකුත් සීමා දාගෙන ඉන්න බව කිව්වා. රංගනයට එනකොට බුවනිටත් අක්කාගෙන් අවවාද එහෙම ලැබුණද? මොනවද ඒ?

අම්මෝ ඔව්. එයා හරියට අවවාද දෙනවා මට. ඒ කියන්නේ මට මොකකට හරි කතාකරත් මං මුලින්ම කියන්නේ එයාට තමයි. එයා තමයි අහන්නේ කවුද කරන්නේ, මොකක්ද කියලා. පිටපතත් එයත් එක්ක තමයි මං කියවන්නේ මුලින්ම. එයත් එක්ක ගොඩක් කතා බහ කරලා තමයි වැඩක් කරන්න තෝරගන්නේ. ඉතින් මට කියනවා මෙහෙම දේවල් කරන්න එපා. මෙහෙම ඉන්න කියලා ඉතින් ගොඩක් දේවල් මං එයාගෙන් තමයි ඉ‍ගෙනගන්නේ.

10) ඒ කියන්නේ මොන වගේ තෝරා බේරා ගැනීමක් ද කරන්නේ මේ වගේ නිර්මාණවලදී?

අක්කානම් මට කියන්නේ මුලින්ම වයස ගැන හිතන්න ඕන. ඊට පස්සේ මගේ රූපේ ගැන හිතන්න ඕන. ඒ පෙනුමට ගැලපෙනවද මේක කියලා. ඒ වගේ දේවල් බලලා තමයි ගොඩක්ම චරිත තෝරගන්නේ. ඉතින් එයා තමයි මට ඒවට උදව් කරන්නේ.


11) දැන් බුවිනිට පුළුවන්ද සිංදු කියන්න ?

සිංදු කියන්නනම් ටිකක් බැහැ. (ටිකක් බැහැ කියන්නේ ටිකක් පුළුවන් කියන අර්ථයක් ඒකේ තියෙනවනේ...) අ..... චුට්ටක් විතර පුළුවන්.. (හරි ඒ චුට්ටක් කියන්න පුළුවන් සිංදුවක් කියන්න අවස්ථාව දෙනවා වැඩසටහන අවසානයට මොහොතකට කලින්. පුංචි සිහි කැඳවීමක් තමයි කරේ)



12) ජීවිතයේ අමතක නොවන අත්දැකීම මතක් කරොත් ?

අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා පාසල් කාලයේදී. එකක් කියලා නෑ. ගුටි කාපුවා, එළියේ දණගහගෙන හිටපුවා, ක්ලාස් කට් කරපුවා ඒවා ඔක්කොම තිබුණා. ඒ ඇරුණම දවසක් අපේ ඉන්ටවල් එකෙන් පස්සේ විනාඩි 10 ක් විතර එක ගාථාවක් කියනවා. ඔක්කෝම ළමයි ඉතින් ඒක කියන්න ඕන. දවසක් අපි අත හෝදන්න වෙලා මදිවෙලා. ඊට පස්සේ ඉතින් ටක් ගාලා දිව්වා. බෙල් කරලත් ඉතින් විනාඩි 2 ට විතර පස්සේ. එතකොට අර ගාථාව කියන්න පටන්ගත්තා. අපි ඉතින් වට පිට බැලුවා කවුරුත් හිටියේ නෑ. මගේ යාළුවෝ ඔක්කෝලම හිටියා. කවුරුවත් හිටියේ නැති නිසා අපි ටක් ගාලා අතහෝදගෙන එතනට වෙලා කියව කියව හිටියා. එතකොටත් ගාථාව කියනවා. ඕක දැකලා තිබුණ‍ා ප්‍රින්සිපල්. ඊට පස්සේ ගාථාව ඉවරවුණා විතරයි පෝලිමට ගැහුවා අපි 7 දෙනාට. අත් දෙකට දෙක දෙක ගැහුවා. රිදෙන්න ගැහුවා අනිත් ඔක්කෝලම බලං ඉද්දී. ඒකනං කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඒක තමයි මං ප්‍රින්සිපල්ගෙන් ගුටිකාපු පළවෙනි දවස.                             


13) ජීවිතයේ අමතක නොවන අත්දැකීම් එහෙම වෙද්දි බුවිනි ආදරය ගැන මොකද කියන්නේ ?

ආචරය කියන්නේ ගොඩක් සුන්දර දෙයක්. ඒක අම්මාගෙන් තාත්තාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් යාළුවන්ගෙන් මේ හැමෝගෙන්ම ලැබෙනවා. හැමෝගෙන්ම ආදරය ඕන. මටනම් ආදරය ගොඩක් ඕන. අම්මගෙන් තාත්තගෙන් හැමෝගෙන්ම. මට ආදරේ අයට මාත් හරී ආදරෙයි. ආදරේ නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ.

14) ආදරය ගැන නිර්වචනයට ලකුණු 100% යි. ගැටලුව එතන නෙමෙයි. ප්‍රේමය ගැන මොකද කියන්නේ ?

ප්‍රේමයත් හරි සුන්දරයි. ප්‍රේමයත් තියෙන්න ඕන. (දැනට එහෙම ප්‍රේමයක් තියෙනවද?) නෑ දැනට එහෙම නෑ.

15) මොන වගේ කෙනෙක්ද අනාගත සහකරුවා විදිහට තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේ හීනයක් බලාපොරොත්තුවක් එහෙම තියෙනවද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මෙයා මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා. (පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න. මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා...) මම කරන මේ වෘත්තිය තේරුම් ගැනීම විශේෂයි. ඒක අනිවාර්යයෙන් තියෙන්න ඕන ගුණාංගයක්. ඒ වගේම විශ්වාසය තියෙන්න ඕන. ඒ දේවල් එක්ක තමයි සහකාරයෙක් තෝරගන්න වෙන්නේ.

16) ඒ කියන්නේ කලාවට සම්බන්ධ වුණත් ව්‍යාපාරවලට සම්බන්ධ වුණත් ඒකේ කිසිම ගැටලුවක් නෑ?

කලාවට සම්බන්ධ කෙනෙක් වෙන එකක් නැහැ. (ඒ කියන්නේ දැනට යම්කිසි ඉඟියක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි කියලා බුවනි කිව්වා. ගැටලුවක් නෑ)

17) ව්‍යාපාර ක්ෂේත්‍රයේ කෙනෙක්ද?

නෑ නෑ... එහෙම කවුරුත් ඉන්නවා කියලා කියන්න බෑ. කලාවට සම්බන්ධ කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

18) බුවනි ගොඩක් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා කිව්වා. ඒ වගේමයි බුවනිට ගොඩක් තරහ යනවා කියලා ආරංචියි. ඇයි මේ බුවනිට මේ තරම් තරහ යන්නේ?

තරහ යනවා. පිටදීනම් තරහ යන්නෑ. ගෙදරදි තමයි. හිත රිදුණම තරහ යන්නෑ දුක හිතෙනවා. මොකක් හරි අසාධාරණයක් වුණොත්නම් මට තරහ යනවා.
   

19) ඒ කියන්නේ ගෙදර දී නිතරම අසාධාරණ වෙනවා?

ඔව්. ඒ වගේ දේවල් වෙනවා. ගෙදරදි අක්කයි මමයි මල්ලියි තුන් දෙනෙක් ඉන්නවානේ. අක්කට මොනවා හරි තිබුණොත් මටත් ඕන. මට තිබ්බොත් මල්ලිටත් ඕන. හදිසියෙවත් ඉතින් එක්කෙනෙක්ට හරි නැතිවුණොත් ඔන්න ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ දේවල්වලට තරහ යනවා. සමහර වෙලාවල්වලට මං කොහේ හරි ගිහිල්ලා ගෙදර එනකොට මොනවා හරි මට නැත්නම් ඔන්න ඉතින් මට තරහ යනවා.

20) ඒ කියන්නේ සතියක් නෙමෙයි මාසයක් කොහේ ගිහිල්ලා ආවත් ගෙදර හැමෝටම ලැබෙන දේවල් ඔයාටත් ලැබෙන්න ඕන?

ඔව්. ඒ විදිහටම තියෙන්න ඕන.

21) කලාවට එන්නේ අක්කට තරඟයක් දෙන්නද?

අම්මෝ නෑ. අක්කයි මායි අතරේ තරඟයක් නෑ. අපි දෙන්නා තරඟ කරන්න වුවමනාවක් නෑ. එහෙම එකක් නෑ.

22) ඉදිරියේ දී දකින්න පුළුවන් නිර්මාණ මොනවද?

ළඟදී දකින්න පුළුවන් සුනෙත් මාලිංග ලොකුහේවා මහතා අධ්‍යක්ෂණය කරපු නුඹට ඉන්නේ මං විතරද මිල්ලෑව වලව්ව, සම්පත් ශ්‍රී රෝශන් අධ්‍යක්ෂණය කරපු හිරු තනිවෙලා අහ‍සේ ඊට පස්සේ ධම්මික තිසේරා මහතා අධ්‍යක්ෂණය කරපු මල්මි වගේම සුනෙත් මාලිංග ලොකුහේවා මහතාගේ ස්පන්දන චිත්‍රපටියෙන්.



HARD TALK

*ඔයා හිතන්නේ ඔයා ජනප්‍රියයිද?ප්‍රසිද්ධයිද?

ජනප්‍රියයි

*ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?

වාසනාව

*ජීවිතයේ වැදගත් සන්දිස්ථානවල දී ජෝතිශ්‍ය විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්

* බුවිනිගේ ජීවිතයේ දී බුවිනි වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද?

මාව

* ප්‍රේක්ෂකයින් ඔයා ගැන කියනවා අහන්න කැමති මොකක්ද... බුවිනි හරි ලස්සනයි? අවංකයි? නිහතමානියි? දක්ෂයි?

දක්ෂයි

* රැල්ලක් විදිහට නව පරපුරේ කලා ශිල්පීන් දේශපාලනයට සම්බන්ධ නිර්මාණවලට දායක වෙනවා. ලොකු මුදලක් යටතේ එවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් භාරගන්නවද?

නැහැ

*අපි හිතමු ඔයාට මොකක් හරි වරයක් ලැබිලා තියෙනවා කියලා. එකේදී ඔයාගේ රූපයේ මොකක් හරි වෙනස්කමක් කරගන්න පුළුවන් නම් ඔයා වෙනස් කරගන්න කැමති මොකක්ද?

නෑ. එහෙම දෙයක්නම් නෑ.




Monday, May 27, 2013
කරුණානිධිගෙන් හොඳ යොජනාවක්…. අපිත් උදවු කරමු

කරුණානිධිගෙන් හොඳ යොජනාවක්…. අපිත් උදවු කරමු

ඞී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි එරට මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඉන්දියාවේ වෙසෙන ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදෙන්න ලෙසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා මෙම ඉල්ලීම සිදු කළ බව කරුණානිධි පවසා ඇති බවයි..
තමිල්නාඩුව පුරා කඳවුරු 112 ක ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් රඳවා සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
‘ඇමෙරිකා එක්සත් ජනපදය එරට සිටි ලක්ෂ දෙකහමාරක් පමණ වූ ඉන්දීය සරණාගතයින්ට අදාළ වාර්තා නොමැතිවම එරට පුරවැසිභාවය ලබාදුන්නා. ඒ ආකාරයෙන්ම මෙරට සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට මෙරට පුරවැසිභාවය ලබාදී ඔවුන්ට ස්ථීර ආරක්ෂාවක් සැලැස්විය යුතුයි. අපි මධ්‍යම රජයෙන් ඉල්ලන්නේ එයයි. එම ජනතාවගේ අනාගත සුරක්ෂිතතාවය සලසන්න කියලයි’ කරුණානිධි වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පවසා ඇත.
Sunday, May 26, 2013
මයික්‍රොසොෆ්ට් ට ජය

මයික්‍රොසොෆ්ට් ට ජය


තාක්ෂණ ලෝකයේ ජගතුන් හා පේටන්ට් යුද්ධ පැවතීම සාමාන්‍ය සිදුවීමකි.

ඇමෙරිකාවේ මයික්‍රොසොෆ්ට් හා ගූගල් යන සමාගම් දෙක අතර ද පේටන්ට් බලපත්‍ර සඳහා පැවති මෙවැනි නීතිමය සටනක් පසුගිය බ්‍රහස්පතින්දා අවසාන වූයේ මයික්‍රොසොෆ්ට් සමාගමට ජය ගෙනෙමිනි.

මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් එක්ස්බොක්ස් නිෂ්පාදනය විසින් ගූගල් හි අනුසමාගමක් වන මෝටරෝලා මොබිලිටි වෙත අයත් පේටන්ට් බලපත්‍රයක් උල්ලංඝනය කර ඇතැයි මෙම නඩුව පවරා තිබුණි.

කෙසේ වෙතත්, ඇමෙරිකාවේ ජාත්‍යන්තර වෙළඳ කොමිසම විසින් තීරණය කරනු ලැබුවේ මයික්‍රොසොෆ්ට් එක්ස්බොක්ස් නිෂ්පාදනය විසින් මෙම පේටන්ට් බලපත්‍රය උල්ලංඝනය කර නැති බවයි.
මෙම සටන ඇපල්, මයික්‍රොසොෆ්ට් හා ගූගල් හි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතර පවත්නා වඩා විශාල පේටන්ට් සටනකට ද සම්බන්ධ බව විදෙස් වාර්තා වල දැක්වේ.
සමලිංගික විවාහ එපා!; ප්‍රංශ ජනයා වීදිබසී

සමලිංගික විවාහ එපා!; ප්‍රංශ ජනයා වීදිබසී


සමලිංගික විවාහ නීත්‍යානුකූල කරමින් පසුගියදා ප්‍රංශයේ සම්මතවූ නීති වලට විරෝධය පාමින් එරට දසදහස් ගණන් ජනයා පැරිස් නුවර වීදිබැස ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මිලියනයක පමණ ජනකායක් මෙම විරෝධතාවයට සහභාගී වී ඇතැයි එහි සංවිධායකයන් පවසයි.

ඊයේ දින පැරිස් නුවර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4,500ක් යොදවා ඇති බවත් විරෝධතා රැළිය අවසානයේදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් ඇති වී තිබෙන බවත්, එම ගැටුම් මර්ධනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් සියදෙනෙකු පමණ අත්අඩංගුවට පත්ව ඇතැයිද ඒජන්සි වාර්තා සඳහන් කරයි.
මුම්බායි ඉන්ඩියන්ස් පිලට අයි.පී.එල්. ජය

මුම්බායි ඉන්ඩියන්ස් පිලට අයි.පී.එල්. ජය

ඊයේ (26) දින චෙන්නායි සුපර් කිංග්ස් ට එරෙහිව ඊඩ්න් ගාඩ්න්ස් හි පැවති ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය ලකුණු 23කින් ජයගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් පිල සමත් විය.

මේ, මුම්බායි ඉන්ඩියන්ස් පිල විසින් අයි.පී.එල්. තරගාවලියක් ජයගත් පළමු අවස්ථාවයි.

කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබාගැනීමට සමත්විය.

මෙහිදී කීරන් පොලාඩ් විසින් පන්දු 32කින් ලකුණු 60ක් ලබාගත් අතර, අම්බාටි රායුදු හා දිනේෂ් කාර්ත්ක් පිළිවෙලින් ලකුණු 37ක් හා 21ක් ලබාගත්හ.

චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 44කට කඩුලු 4ක් දවාගත්තේය.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 125ක් පමණි.

ලසිත් මාලිංග, මිචෙල් ජොන්සන් හා හර්බජාන් සිං කඩුලු දෙක බැගින්ද, ප්‍රාග්‍යන් ඕජා, රිෂී ධාවන් හා කීරන් පොලාඩ් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස කීරන් පොලාඩ් ද තරගාවලියේ වීරයා ලෙස ෂේන් වොට්සන්ද නම් විය.

[B]ලකුණු[/B]
[B]මුම්බායි ඉන්ඩියන්ස් 148 /9 (පන්දුවාර 20)[/B]
කීරන් පොලාඩ් 60, අම්බාටි රායුදු 37, දිනේෂ් කාර්තික් 21
(ඩ්වේන් බ්‍රාවෝ 4/44, ඇල්බී මෝකල් 2/12, මෝහිත් ෂර්මා 1/26, ක්‍රිස් මොරිස් 1/25)

[B]චෙන්නායි සුපර් කිංග්ස් 125/9 (පන්දුවාර 20)[/B]
මහේන්ද්‍ර සිං දෝනි 63, මුරලි විජේ 18, ඩ්වේන් බ්‍රාවෝ 15
(ලසිත් මාලිංග 2/22, මිචෙල් ජොන්සන් 2/19, හර්බජාන් සිං 2/14, ප්‍රාග්‍යන් ඕජා 1/28 , රිෂී ධාවන් 1/6, කීරන් පොලාඩ් 1/34)
අපවත් හිමිනමගේ දේහය මල් ශාලාවේ පිටුපස දොරකින් රැගෙන ගිහින්

අපවත් හිමිනමගේ දේහය මල් ශාලාවේ පිටුපස දොරකින් රැගෙන ගිහින්














සත්ව හිංසනයෙන් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනතාවගෙන් සහය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. 

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබාගෙන අපවත්වීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් අද (26) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 

සුරක්ෂිත සැබෑ සාමයක් උදාකිරීම සඳහා සත්ව හිංසනයෙන් තොර රටක් නිර්මාණය කිරීමට ජනතාවගේ සහය අවශ්‍ය බව අමාත්‍යවරයා එහිදී කීවේය. 

ගව ඝාතනය, අන්‍යාගමිකකරණය ඇතුළු ඉල්ලීම් 5ක් ලියා උන්වහන්සේ එසේ සියදිවි හානි කර ගැනීමට තීරණය කර තිබුණු බව ඔහු පෙන්වාදුන්නේය. 

කෙසේ වෙතත් මෙම සිද්ධිය බටහිර ජනමාධ්‍ය අනවශ්‍ය පරිදි උලුප්පමින් වාර්තාකර ඇති බවද හෙතෙම කීවේය. 

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කළ මන්ත්‍රී අසුනින් උන්වහන්සේ ඉවත් කළේ මාස 6ක් රැස්වීම්වලට සහභාගි වී නොසිටීම නිසා බව මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමතිවරයා පැවසීය. 

උන්වහන්සේට අවශ්‍ය වූයේ දේශපාලනයෙන් තොරව ගව ඝාතනයට එරෙහිව පාරට බැස පුළුල් වැඩපිළිවෙළක් කිරීමට බව ඔහු පෙන්වාදුන්නේය. 

කෙසේ හෝ මෙම ප්‍රශ්නය දෙස දේශපාලන තීන්ත ගෑමෙන් තොරව බලන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. 

ඇතැමුන් උන්වහන්සේට මානසික ලෙඩක් ඇති බවට ‍අසත්‍ය ප්‍රචාර ගෙනයන බවද ඔහු පෙන්වාදුන්නේය. 

මාධ්‍ය හමුව ඇමතු ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ අද පෙරවරුවේ උන්වහන්සේගේ දේහය මල් ශාලාවෙන් පිටතට ගැනීමේදී පොලීසිය ක්‍රියා කළ ආකාරයට අනුව දේශපාලන බලපෑමක් එහි තිබුණු බවයි. 

දේහය මල් ශාලාවේ පිටුපස දොරකින් වාහනයකට දමාගෙන ‍ගොස් ඇති බවද ඔහු පෙන්වාදුන්නේය. 

මෙම සිද්ධිය ගැන ඇතැම් ස්වාමින් වහන්සේ බියට පත්වූ බවද ඔහු කීවේය. 

ගවයින් ලොරිවලට පටවාගෙන හොරෙන් ගෙන යන පුද්ගලයින් ඇල්ලීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනම අලුයම 2.00 – 5.00 ත් අතර කාලයේදී තරුණයින් සමග එක්ව එම ක්‍රියා කළ බවද වර්ණසිංහ මහතා පැවසීය.
අකලංකගෙ මගුල ඔක්තෝබරයේ

අකලංකගෙ මගුල ඔක්තෝබරයේ

ක්‍රිකට් ක්‍රීඩකයෙකු, නළුවෙක්, නර්තන ශිල්පියෙක් හා ගායකයෙකු වන අකලංක ගමගේ ලබන ඔක්තෝබරයේ විවාහවීමට සූදානම් වන බව පැවසේ.

ඔහුගේ අත ගන්නේ මේවන විට විදෙස් ගතව සිටින යුවතියක් බව පවසන අකලංක ඇය පිළිබදව විවාහය ළංවන තෙක් හෙළි නොකරන බවද කියයි.

කෙසේවුවද තමාගේ තිරයේ පෙම්වතිය දිගටම උපේක්ෂා ස්වර්ණමාලි (පබා) බවද ඔහු කියා සිටී.

ඒ අනුව ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය දෙකකම උපේෂා තමාගේ පෙම්වතිය බවත් ඔහු හෙළි කළේය.
වැස්ස නිසා ලංවිම ලැබූ රු. බිලියන 17 ක ලාභය ජනතාවට දෙන්න

වැස්ස නිසා ලංවිම ලැබූ රු. බිලියන 17 ක ලාභය ජනතාවට දෙන්න

ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය මේ වසරේ පළමු මාස 04 තුළ ඇතිවූ වර්ෂා තත්ත්වය නිසා විදුලිබල මණ්ඩලය ජලය උපයෝගී කරගෙන විදුලිය නිපදවීමේ අපේක්ෂිත ඒකක ප‍්‍රමාණයට වඩා විදුලි ඒකක ප‍්‍රමාණයක් නිපදවාගෙන තිබෙන බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 17 කට අධික බවත් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

මේ වසරේ පළමු මාස 04 තුළ ජල විදුලියෙන් නිපදවීමට බලාපොරොත්තු වූ ඒකක සංඛ්‍යාව ගිගාවොට් පැව 710 ක් බවත් එහෙත් ඇතිවූ වැසි තත්ත්වය නිසා මෙම මාස 04 තුළ ගිගාවොට් පැය 1662 ක් නිපදවා තිබෙන බවත්, එලෙස නිපදවීමේදී අපේක්ෂිත ඒකක ප‍්‍රමාණයට වඩා විදුලිය නිපදවීම නිසා මෙම මුදල උපයාගෙන තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මේ නිසා මෙහි වාසිය ඒකක 60 සිට 180 දක්වා විදුලිය පරිභෝජනය කරන ජනතාවට ලබාදෙන ලෙසද උපදේශකවරයා සඳහන් කළේය.

මේ වසර තුළදී ජල විදුලිය උපයෝගී කරගෙන ගිගාවොට් පැය 2828 ක් නිපදවීමට අපේක්ෂා කළත්, ඇතිවූ වැසි තත්ත්වය නිසා එම ප‍්‍රමාණය ගිගාවොට් 4000 කට අධික වන බවද ඔහු ප්වසා සිටියේය.
තැලසීමියා අරමුදලෙන් වංචා කරලා

තැලසීමියා අරමුදලෙන් වංචා කරලා

තැලසීමියා රෝගීන් දිවයිනේ වැඩිම පිරිසක් සිටින්නේ වයඹ පළාතේ බැවින් 2020 තැලසීමියාවෙන් තොර වයඹක් යන තේමාව යටතේ තැලසීමියාව තුරන් කිරීමේ ව්‍යාපෘතිය වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය අශෝක වාඩිගමංගාව මහතාගේ අදහසකට අනුව 2008 වසරේදී ආරම්භ කරන ලදි.

ඒ අනුව එම ව්‍යාපෘතිය වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ ක‍්‍රියාත්මක කරනු ලැබීය. මෙම අරමුණු සඳහා රාජ්‍ය සහ පෞද්ගලඉක අංශයෙන්ද පාසල් සිසුන්ගේ දායකත්වයෙන්ද විශාල වශයෙන් මුදල් සහ භාණ්ඩ පරිත්‍යාග වශයෙන් ලැබී ඇත.
ඉන්පසුව මෙම අරමුදලේ අරමුණු ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවී තැලසීමියා රෝගීන්ට කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි රැුසක් ලැබීම නිසා ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් පවත්වන ලෙස වයඹ සෞඛ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා නියම කළේය. මේ අනුව වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මගින් 2010 වසරේදී පවත්වන ලද විගණන පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණේ තැලසීමියා අරමුදලේ මුදල් විනිවිදභාවයෙන් තොරව වියදම් කොට ඇති බවය.

මෙම අරමුදලේ සිදුව ඇති බොහෝ ගනුදෙනු සැකයට තුඩුදෙන අවිධිමත් ගනුදෙනු බවත් මිලදී ගැනීම සහ ප‍්‍රදානය කිරීම් සඳහ ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර ඇති බවත් එම විගණන පරීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබිණි.
Saturday, May 25, 2013
13 රටේ ඒකීයභාවයට තර්ජනයක්‌!

13 රටේ ඒකීයභාවයට තර්ජනයක්‌!

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම තුළින් රටේ ඒකීයභාවයට තර්ජනයක්‌ ඇතිවිය හැකි බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ඉඩම් සහ පොලිස්‌ බලතල සහිතව පිහිටුවනු ලැබූ පළමු උතුරු පළාත් සභාවේ අත්දැකීම් සිහිපත් කළ යුතුව ඇතැයි ද පැවසූ ආරක්‍ෂක ලේකම්වරයා බෙදුම්වාදී පිරිස්‌ වෙත උතුරු පළාත් සභාවේ බලය හිමි වුවහොත් ඉන් රටේ ඒකීයභාවයට ඇතිවන බලපෑම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළයුතු බව ද කීවේය.

කොටි ත්‍රස්‌තවාදය පරාජය කර උතුර මුදාගැනීමේදී අපේ හමුදාව විශාල කැපවීමක්‌ සිදුකළා. එසේ කැප කර ලබාගත් ජයග්‍රහණය බෙදුම්වාදීන් අතට යන්න දෙන්න බැහැ. ඒ නිසා 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගැන අපි පුළුල්ව සාකච්ඡා කළයුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.